-
රුහුණු ගිරුවාපත්තුවේ ශිල්පාධ්‍යානයෙහි ක්ෂේම භූමියක් වු වීරකැටිය රදපස මධ්‍ය විද්‍යාලය වර්ෂ 1940 දී ස්වකීය ජන්ම ලාභය ලැබීය.
-
මිෂනාරී අධ්‍යාපන ක්‍රමය මුල් බැස තිබු සමාජයක ජාතිමාමකයින් විසින් පිහිටුවනු ලැබු බෞද්ධ පාසල් අතර වීරකැටිය රදපස මධ්‍ය විද්‍යාලය ස්වකීය යුග මෙහෙවර අරඹන ලදී.
- එවකට මිරිස් වත්ත ඉස්කෝලේ නම් වු මෙම විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 30ක් විය.කෘෂි කර්ම විද්‍යාලයක් ලෙස ඇරඹ් මෙම ස්ථානය ශිෂ්‍ය සංඛ්‍යාව අතින්ද විෂය ධාරාවෙන්ද සුපෝෂණයෙ වුයේ ආචාර්ය සී.ඩබ්.ඩබ් කන්නංගර ශ්‍රීමතාණත් විසින් මධ්‍ය විද්‍යාලයක් බවට උසස් කර ශ්‍රීලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාල පංචකයට එක් කල විටය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විද්‍යා විෂය ධාරාව තිබු එකම පාසලද වුයේ මෙයයි. එබැවින් අවට පාසල් වල සිට පැමිණෙන ශිෂ්‍යත්වලාභීන් සඳහා 1945.03.29 දින එවක අධ්‍යාපන ඇමතිව සිටි සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමාවගේ අතින් අංග සම්පුර්ණ නේවාසිකාගාරයක් විවෘත විය.
- 1948 දී විෂයානු බද්ධ නව අංගයක් වශයෙන් වඩු කාර්මික අංශයක්ද උඩරට නැටුම් අංශයක්ද එක් වී ඇත. විද්‍යාලයේ මෙම දියුණුව අත් කර ගැනීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය සභා මන්ත්‍රී වශයෙන් කටයුතු කල ඩී.එම් රාජපක්ෂ මැතිතුමාගේ උත්කෘෂ්ඨ සේවාවට උපහාරයක් වශයෙන් හ/වීරකැටිය මධ්‍ය විද්‍යාලය, හ/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය යනුවෙන් නම් කරන ලදී.
- වර්ථමානයේ විද්‍යා, ගණිත, කලා, වාණිජ හා තාක්ෂණවේදය යන විෂය ධාරාවන්ගෙන් සම වර්ධනයක් පවතින අතර විද්‍යා අංශයට ඇතුලත් වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබේ. 2013 වරෂයේදී උසස්පෙළ විද්‍යා හා ගණිත යන අංශ දෙකෙන්ම සමස්ථ ලංකා ප්‍රථම ස්ථාන දෙක ලබාගත්තේද මෙම විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකි.
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසලද සතු වන්නේ අප විද්‍යාලයටයි. ක්‍රීඩාව තුලින්ද සමස්ථ ලංකා ජයග්‍රහණ අප විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අත්කරගෙන ඇත. එසේම ජාත්‍යන්තර තරඟ සඳහාද සහභාගී වු දරු දැරියන් අප විද්‍යාලය සතුව ඇත.
- අධ්‍යාපනික විෂය අතර මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් අතරින්ද අප පාසලේ දරු දැරියන් ඉදිරියෙන් සිටී. ඒ අතර පාසල් පරිපාලනයටද මහත් දායකත්වයක් සපයන ශිෂ්‍ය නායක සංචිතය බෞද්ධ සංගමය, රදපස මාධ්‍ය ඒකකය, පරිසර නියමු භට ඒකකය, ශිෂ්‍ය භට ඒකකය, කරාතේ සංගමය, ඉලක්කයටය වෙඩි තැබීමේ සංගමය, පිහිනුම් සංගමය, සෞඛ්‍යදාන ඒකකය, තාරකා විද්‍යා සංගමය, ක්‍රිකට් සංචිතය, සෞන්දර්ය ඒකකය, ආදී ඒකක මගින් වාර්ෂිකව විවිධ වැඩ සටහන් සිදුකරමින් රදපස දුවා දරුවන් පිරිපුන් පෞරුෂයකින් හෙබි පිරිසක් බවට පත් කිරීමට ඉමහත් දායකත්වයක් දක්වයි.
- මේසා විශාල සේවයක් සිදු කිරිමට මේ වන විට විශාල යුග මෙහෙවරක නිරත වෙමින් සිටින්නේ පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට පත්වු විදුහල්පති තුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය,අනත්ධ්‍යන කාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගම්, සුභ පතන්නන් ආදියයි.
75 වසරක් වන රදපස පාසල් ඉතිහාසයේ ප්‍රථම විදුහල්පති තුමිය වු දැනට පාසල ඉදිරියට ගෙනයාමේ භාරධුර කාර්යට උරදෙමින් කටයුතු කරන වත්මන් විදුහල්පති තුමිය පුෂ්පා වීරවර්ධන මැතිනිය
පාසලේ මුලික විස්තරය
පාසල් වර්ගය – 1AB
පාසල් සංගණන අංකය – 09226
අධ්‍යාපන කලාපය – වලස්මුල්ල
අධ්‍යාපන කොට්ඨාසය – වලස්මුල්ල
පළාත් කාර්යාලය – ගාල්ල
දිස්ත්‍රික්කය – හම්බන්තොට
විදුහල්පති – පී.සී වීරවර්ධන මිය
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක – ආර්.ඩබ් ගමගේ මයා
ආචාර්ය මණ්ඩලය – 157
සිසුන් සංඛ්‍යාව – 3573
දුරකථන අංකය – 0472246216
විද්‍යුත් තැපෑල – weeraketiyarcc@gmail.com